ආදරණීය ශ්‍රී ලාංකිකයනි, ඔබ හට මාගේ තුටු පඩුරු මෙලෙසින් එවමි

ආදරණීය ශ්‍රී ලාංකිකයනි,

මාගේ වසර හතලිහක් වන ජීවිතයේ බහුතරයක් කලක නුදුටු සත්‍යවාදී අවිහිංසාවාදී රට වෙනුවෙන් මහජන කැපවීමක් මා පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලාංකිකයන්ගෙන් මා දුටුවෙමි. මම මේ භවයේදී මා දකීවි යැයි නොසිතූ දෙයකි මා විශ්මයට පත් කරමින් ඔබ ලොවටම පෙන්වූයේ.

මට ශ්‍රී ලංකාවේ මෙදින පවතින කොරෝනා පිළිබඳ පුවත අසතුටු ගන්වන පුවතකි. නමුත් මෙතරම් සමාජ පෙරළියක් කළ හැකි නූඹලාට මෙය සුලු කඩඉමත් බව විශ්වාස කරමි.

මට බොහෝ දුක් දුන් ලංකාවෙන් මට දුන් වටිනාම වස්තූන් තුති පඬුරක් ලෙසින් ඔබ හමුවේ තැබීමට මේ අවස්ථාව සුදුසු යැයි මා සිතමි.

1. ගෞතම බුදුරජාණන් වහන්සේ පූතිගත්ත තිස්ස තෙරුන්ට පෙන්වූ කරුණාව, එහි ගැබ්වු සමාජ පුවත, සහ එලෙස හැසිරීමේ ආනිසංස.

2. ගෞතම බුදුරජාණන් වහන්සේ දේවදත්ත වැන්න්ට අවසන් මොහොත තෙක් දැක්වූ කරුණාව, එහි ගැබ්වු සමාජ පුවත, සහ එලෙස හැසිරීමේ ආනිසංස.

3. ගෞතම බුදුරජාණන් වහන්සේ තම සියලු ගුරුවරුන්ට දැක්වූ ස්තුති පූජාව, එහි ගැබ්වු සමාජ පුවත, සහ එලෙස හැසිරීමේ ආනිසංස.

4. ගෞතම බුදුරජාණන් වහන්සේ සදිසා පිළිබඳ විස්තර කරමින් සමාජයේ යහපත් ලෙස ජීවත් වීමට දුන් ඔවදන්.

5. මාගේ හොඳම මිත්‍රයන් ලෙසින් දමිල ජාතිකයෙක්, මුස්ලිම් ජාතිකයෙක්, සහ ක්‍රිස්තියානි ආගමිකයෙක් මුණ ගැස්වීම, සහ එම මිතුරන්ගෙන් මට ඒ ජාති සහ ආගම් පිළිබඳ අවබෝධයක් සහ ආදරයක් ඇති කරවීම.

6. මාගේ ක්‍රිස්තියානි මිතුරා ජෙසුස් වහන්සේගේ “අසල්වැසියාට තමාට මෙන් ප්‍රේම කරන්න” යැයි කියු වැකියේ සබෑ තේරුම “තමා අවට දෙන ලද ඕනෑම අවස්ථාවක සිටිනා සියලු දෙනා තම අසල්වැසියා බවත්, ඔවුන් සියල්ල තමා තරම්ම දේවයන් වහන්සේට වැදගත් බවත්” යැයි කියා දීම.

මේ අවස්ථාව කවුරුන් විසින් කොතන වැරද්දුවා දැයි සොයා යන අවස්ථාවක් නොවන බව මම ඉතා ආදරයෙන් මතක් කරමි.

මේ අවස්ථාවේදී තමාට මෙලොව වරදක් නොසිතා හෝ සිතා මතා හෝ කරපු සියලු දෙනාට එක සිතින් සමාව දී, තමා විසින් සිතින්, කයින් හෝ වචනයකින් වෙනෙකෙකු සිතා මතා හෝ නොසිතා අපහසුතාවයකට පත් කර ඇති නම් එයටත් තමා ඉහතදී සමාව දුන් අයුරින් සමාව දෙන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා, සියලු ජාති සහ ආගම් වලට එක ලෙස ගරුකර සාමයෙන් සිටින බවට පොරොන්දු වී අධිශ්ඨාන පූජාවක් කරන මෙන් ඉල්ලා සිටිමි.

සියලු රෝග සුවයට අවශ්‍ය පරම සුවය කුමක්දැයි මට වඩා හොඳින් ඔබ දන්නා බව මම විශ්වාස කරමි.

අවසාන වශයෙන් ධම්ම පදයේ ගාථාවක් ඔබට මතකයට නංවමින් මගේ ප්‍රාර්ථනාමය ඉල්ලීම අවසන් කරමි.

ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ටි පරමං ධනං
විස්සාසා පරමා ඥ්‍රතී
නිබ්බානං පරමං සුඛං

– නිම් –

2 Comments

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.