ඇරයුමක්…
තෙරුන්ව මෙලොව හැබැහින් මා දැක නැති නමුදු, දෙදහස් දහහතේ සිට මම ඔහුව සතුටු සිතින් YouTube හරහා වරෙන් වර, මාගේ මවගේ ඕස්ට්‍රේලියානු නිවාඩු කල් වලදී මුණ ගැසුණි. මගේ අඩ නින්දක් දී මට තෙරුන්ගේ කටහඩින් ආ සිතුවිලි ඔස්සේ ද මා ඔහුව ආදරයෙන් මුණ ගැසී ඇත.
වසර කීපයක් අතුලතදී ඔහු ශ්‍රී ලංකාවට කර ඇති දාර්ශනික, සමාජයීය, සහ විද්‍යාව සම්බන්ද භෞතික නිර්මාණ ශිල්පයීය මෙහෙවර මහත් සේ මා අගය කරමි.
භන්තේගෙ කෑම පිලිබඳ ශ්‍රී ලංකික සමාජයේ ආන්දොලනයක් තියෙන බව දැනගන්නට ලැබුණි.
දාර්ශනිකව ඒ දෙස බැලුවහොත්….
අපට හොඳ පොල් සම්බෝලයක් TV ඇසුරින් දකින විට කුමක් සිදුවේ ද?
මට නං කටට ටිකක් විතර කෙල උනනවා
දෑන් අපට පිච්ච මල් සුවඳ කටරොඩු මල් පැහැති පොල් කුඩු ටිකක් දීසියකට දමා පොල් සම්බෝලයක් කියා පිලිගන්වනවා…. දැන් මොකද සිදුවන්නේ…
මටනං කටට කෙල කෙසේ වෙතත්… මොකද්ද යකෝ මේ කියලා හිතෙයි. ඒ මදිවට බතත් නිල් පාට වෙයි.
භන්තේගෙ මෙවැනි උපක්‍රම මා ඉතාත් අගය කරමි…. ඔබට ඒ ඒ නාම-රූප සම්බන්ධ චිත්ත විංඤාණ ඔස්සේ එන චක්‍රයක් වැනි කායික වේදනා ඔබටම තේරුම් ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමට වෙහෙස දරණ උන්වහන්සේව පෙනෙන නොපෙනෙන සියලු ලොවේ ඇගයීමට පාත්‍ර වේ යැයි මා ප්‍රාර්ථනා කරමින් මේ ලියැවිල්ලට තිත තබමි.
– නිම් –