ආදරය …
සියලු හැඟීම් එක්තැන් කල හැකි වූත්
සැඟවුණු හැඟීම් විසුරුවිය හැකි වූත්
ලෝකයේ පැවැත්මට ජවය දිය හැකි වූත්
අසම සම වූ එකම හැඟීම වූ එය…
සැබෑ ආදරය….
පාසැල් වියේ පසු වන තරුණ තරුණියන් දුටු ප්‍රථම ප්‍රේමයන්,
මහලු යුවලක් එකිනෙකා කෙරෙහි දක්වන දයානුකම්පාවන්,
මව් පියන් තම දරුවන් කෙරෙහි දක්වන්නා වූ සෙනෙහස්,
නිවසේ සුරතලට හැදෙන බලු පැටියා තම ස්වාමියාට දක්වන බැඳීම්,
වචනයට සිමා වූ එවැනි හැඟුමන්
අසම සම වූ ආදර වෘතාන්ත….
ආදරණීය ආදරය….
උරුමයට නම් තාවකාලික
මෙලොව පරලොව සදාකාලික
ගැඹුරු සුසුමන් හි මිහිර ගොනු කල
හැඟුම් බර ඒ වේදනාව….
ආදරය…
– නිම් –