තව ගැහැණියක්, පිරිමියෙක් නිසා පීඩා විඳින විට, ගැහැණියටම වරද පටවන ගැහැණු සිටින රටේ…
තව ගැහැණියක්ගේ වැරදි, තමාට ඇවිත් කියන්නේ, ඒ ගැහැණියට වඩා එම පිරිමියා, තමාට ආදරය කරන නිසා යැයි සිතනා ගැහැණු සිටින රටේ…
පිරිමියෙක් ගේ වැරදි නිසා, ගැහැණියක් “වේසි” කියන නාමය ලබද්දී, එයට හූමිටි දෙන ගැහැණු සිටින රටේ…
දරුවන් නොලබන ගැහැණියක්ට “වඳ” යැයි අපහාස කරමින්, කොන් කරමින්, නින්දා කරන ගැහැණු සිටින රටේ…
තම සැමියා අකාලයේ මිය ගිය විට “අවාසනාවන්ත ගෑනි” හෝ “කනවැන්දුම් ගෑනි” යැයි අපහාස කරමින්, කොන් කරමින්, නින්දා කරන ගැහැණු සිටින රටේ…
ගැහැණුන්ට ගරු කරන, හිංසා නොකරන, තමාගේ පාඩුවේ සිටින පිරිමින්ට “පොන්නයා” යැයි අපහාස කරමින්, කොන් කරමින්, නින්දා කරන ගැහැණු සිටින රටේ…
තම සැමියා, දූදරුවන්, මුණුබුරු මිණිබිරියන්ට නොසලකා, එසේ සලකන ගැහැණුන්ගේ වැරදි සොයමින් රස්තියාදුවේ යන ගැහැණු සිටින රටේ…
ගැහැණුන්;
- සමාන අයිතීන් ඉල්ලිය යුත්තේ පිරිමින්ගෙන් නොව, ගැහැණුන්ගෙන්මය.
- අවාසනාවන්ත වීමට හේතුව ගැහැණියක් වීම නොව, ගැහැණුන්ම ගැහැණු දෙස බලන ආකාරයය.
මොහොතක් සිතන්න,
පිරිමි සමූහයක් එක්වූ විට විනෝද වන අතර, ගැහැණු සමූහයක් එක්වූ විට කුමක් කරන්නේද?
– නිම් –