ශ්‍රී ලාංකික, සිංහල බෞද්ධයා සහ සිංහ ලේ

දැනට ශ්‍රී ලංකාවේ නිවාඩු ගතකරන මට, නිතර දකින්නට සහ අසන්නට ලැබෙන පාඨයන් නම්,

සිංහල බෞද්ධයා!

සිංහලේ!

අපි ශ්‍රී ලාංකික!

යන ඒවාය.

මම උපත ලබා ඇති අයුරින්, ලේකම් ගත් කරුණු සහ දන්නා ඉතිහාසය, සැලකීමෙදී නිසැකවම මට කිව හැකි කරුණක් නම්, මගේ ලේ “මිශ්‍ර ජාතික, මිශ්‍ර ආගමික, සහ ඕ පොසිටිව්” කියාය.

මන්ද?

මාගේ පියා උප්පත්තියෙන් ශ්‍රි ලාංකීය වූවත්, ඔහුගේ මුතුන් මිත්තන් මැලේසියාවෙන් පැමිණ ඇත. මැලේසියාව යන රටේද, මුල් පදිංචි මැලේ ජාතිකයින් සිටින අතර, චීනය වැනි රටවල් වලින් පැමිණි ජන කොටස් ඇති නිසා, ඔහුත් මිශ්‍ර ජාතික යැයි නිසැකව කිව හැක.

මාගේ මව, ලේකම් ගත් කරුණු සහ දන්නා ඉතිහාසය අනුව, සිංහල ජාතියට සහ බෞද්ධ යැයි සැලකෙන ජන කොටසට අයත්වේ. නමුත්, ඉන්දියානු විජය රජු සහ කුවේණි රැජිනගෙන් ආරම්භ වී, සෑම රජෙකුම වාගේ ගෙන්වා ගත් ඉන්දීය කුමරියන් ඇතුලු ඥාතීන්, දකුණු ඉන්දීය ආක්‍රමණ, මැලේසියාව වැනි විවිද රටවලින් පැමිණි පිරිස්, මැදපෙරදිග වෙළෙන්දන්, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යටත් විජිතයන් වැනි කරුණු වලින් හැඩ ගැන්වී ඇති ශ්‍රී ලංකාව දෙස බලන කල, ඇයද මිශ්‍ර ජාතික යැයි නිසැකවම කිව හැකිය.

ගෞතම බුදුරජාණන් වහන්සේ කී දේ අල්පයක් වත් තේරුම් ගත් කෙනෙක්ට, “මම” කියන කෙනා තවත් සත්වයෙක් පමණක් බව කී ඔහු, ජාතියක්, ආගමක්, රටක්, හෝ පෘතුවියක් හෝ නොසලකා, විශ්වයක්ම පමණක් දුටු කෙනෙක් බව වැටහෙනු ඇත.

එසේ නම්,

ශ්‍රී ලාංකික කියන්නේ කුමක්ද?

සිංහල ජාතිය කියන්නේ කුමක්ද?

බෞද්ධ ආගම කියන්නේ කුමක්ද?

සිංහල බෞද්ධයා කියන්නේ කුමක්ද?

ඔබ ඔබටම පිලිතුරු දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

සිංහ ලේ නම්, සිංහයාගේ ලේ බව වැටහෙනු ඇත. සිංහයා, ලස්සන භාහිර පෙනුමකින් යුක්ත, ඉතා කම්මැලි, ම්ලේච්ඡ සත්වයෙකි. සිංහ දේනුව, කඩිසර, තමාගේ සහ අනුන්ගේ සිංහ පැටව් ආරක්ෂා කරන මුත්, ම්ලේච්ඡ සත්වයෙකි. එම ලේ, මනුෂ්‍ය කෙනෙක් ට නොමැති බව නිසැකව කිව හැකි අතර, එසේ තිබීම ආඩම්බරයට කරුණක් ලෙස මට නොපෙනේ.

සිංහල බෞද්ධ කියන දේ හැඳින්වීම සඳහා භාවිතා කරන භික්ෂූන්, ගෞතම බුදුරජාණන් වහන්සේ සහ ඔහුගේ ධර්මයට අගෞරවකි.

මෙවැනි කරුණු දෙසද ඇස් යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලමින්, මා කලින් ලී යමක් ඔබ පාමුල තබමින්, මෙම ලිපියට මම තිත තබමි.

පුජ්‍ය ගංගොඩවි සෝම ස්වාමීන්වහන්සේ ට යම් කිසි ධර්මයක් වැටහුනු බව දැන් මට වැටහේ…

නමුත් ඔහුගේ ක්‍රියාවෙන් රටකට සිදුවන විනාශය, ඔහු වටහාගෙන නොතිබූ බවද වැටහේ…

දේශනාවෙන් පමනක් නොව, තම ක්‍රියාවෙන් ද, ධර්මය පෙන්වන බෞද්ධ ස්වාමීන්වහන්සේලා දුර්ලභ වේ…

මම එවන්නන් දුටුවේ ඔස්ට්‍රේලියාවේ.ඉන් දෙනමක් සිංහල බෞද්ධ…සමහරක් අනෙකුත් අාසියාතික…සමහරක් සුදු ජාතික…එක් අයෙක් කළු ජාතික…

ඉහත අයගෙන් මම හොඳ සුහදකමක් අැති කෙනෙක්, අානන්දෙ කොල්ලෙක්.

මේ සියල්ල මගේ ගුරුවරු.

මා අැතුලු මේ සියල්ලන්ටම සත්‍යම අවබෝධ වේවා…

– නිම් –

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.