“මම” නං … “ඔයා” නෑ …
“මම” නං මස් කන්නෙ නෑ!
“ඔයා” මස් කනවා නේ?
“මම” නං කොන්ඩෙ පාට කරන්නේ නෑ!
“ඔයා” වයස හංගනවා නේ?
“මම” නං පෝයට සිල් ගන්නවා!
“ඔයා” ගෙදරට වෙලා නිකං හිටියා නේ?
“මම” නං හැමදාම බණ අහනවා!
“ඔයා” සිංදුවෙන්ම නේ?
“මම” නං මෙහෙමයි!
“ඔයා” ඔහොම නේ?
“මම” නං අනුන් ගැනම හොයනවා!
“ඔයා” මොකද කරන්නේ?
“මම” කියන්නේ කවුද කියලා හොයනවා!
– නිම් –