ඔබත් සිටින්නැති
මවකගේ කුසතුල
මවට දැනෙන්නැති
ඔබගේ නැටුමන්
ඔබත් වෙන්න ඇති
දඟකාර දැරියක්
මවට දැනෙන්නැති
අපමණ සෙනෙහස්
ඔබත් මවක් වී
සතුට විඳින්නැති
දරුවන් කැලකගේ
පහස විඳින්නැති
අද ඔබ සිරවී
ලී කොටු අතරට
සැමට උරුම ඒ
අරුම විඳින්නට
ඔබ දැන් දුම් වී අළු වී ඇත්තේ
මතකය දුම් වී අළු වී නැත්තේ
දූ දරු සිත ලඟ ඔබගේ මතකේ
පියුම් ලෙසින් සැමදා සිනැහෙන්නේ
– නිම් –