ගුරුතුමා:
අද අපි “බුද්ධ ධර්මය” චිත්‍රයට නගමු.
දැන් අඳින්න,
සුදු වස්ත්‍රයෙන් සැරසී පන්සලට යනවා
තෙවරක් නමස්කාරය කියනවා
බුද්ධ, ධම්ම, සංඝ සරණ යන ගාථා කියනවා
පන්සල් පද පහ කියනවා
මල්, පහන්, සුවඳ දුම් පූජා ගාථා කියනවා
බෝ ගහට වතුර දානවා
තුන් සූත්‍රය කියනවා
මලවුන්ට පිං දෙනවා
දෙයියන්ට පිං දෙනවා
මුස්ලිම් ආගමට බනිනවා
ක්‍රිස්තියානි ආගමට බනිනවා
සියලු වෙනත් ආගම් අන්ධ භක්තිය කියා කියනවා
ආ පොඩ්ඩක් ඉන්න, වැරදුනා. ඒවා නෙමෙයි.
බුදු හාමුදුරුවෝ කියන සාමාන්‍ය මනුෂ්‍යයා, ලෝක ස්වභාවය, තමන් තුලින් තේරුම් ගන්නවා
මනුෂ්‍යයා ඇතුලු සියලු සත්වයන් ට ආදරය සහ කරුණාව දක්වනවා
අපිටත් ඒකම කරන්න කියලා දෙනවා
ශිෂ්‍යයා:
මොකද්ද ගුරුතුමා, එක කොළයයි නේ තියෙන්නේ. මගේ “බුද්ධ ධර්මය” චිත්‍රය අර කලින් එක.
ඔබ ඔබගෙන් ඇසිය යුත්ත:
මාගේ මනසේත් ඇත්තේ එක කොළය ද?
– නිම් –