ඇයි නොපෙනෙන්නේ මොවුන්ව ඔබට?

ඔවුන් වැස්ස නොදකී

ඔවුන් හිරු රශ්මිය නොදකී

ඔවුන් සිරුරේ පහලට ගලනා ඩහදිය නොදකී

ඔවුන් සිරුරේ තැවරුණු මඩ නොදකී

ඔවුන් තම දින චර්යාවේ වේදනාව නොදකී

ඉංජීනේරු මහත්තුරු

මැති ඇමති මහත්තුරු

වැදගත් නෝනා මහත්තුරු

මහා සංඝ රත්නවරු

මොවුන්ගේ වෙහෙස නොදකී

කෙසේ දකිනන්ද වායු සමීකරණ තුලින්

කෙසේ දකින්නද කළු වීදුරු තුලින්

කෙසේ දකින්නද වැදගත්කම තුලින්

කෙසේ දකින්නද උගත්කම තුලින්

කෙසේ දකින්නද මිලමුදල් තුලින්

දිවා රෑ වෙහෙසෙමින් පාර හදන අහිංසකයෝ,

රස්තියාදුකාරයෝ!

ඒ පාරේ ගමන් කරන රට විකුණන කාලකන්නි,

රජ්ජුරුවෝ!

ඒ පාරේ ගමන් කරන කන්තෝරු පුටු රත් කරන්නන්,

උගත්තු!

ඒ පාරේ ගමන් කරන අනුන් සූරාකන හොර තපස්සු,

සොවාන් ලු!

ඇයි නොපෙනෙන්නේ ආර්ථික විෂමතාවය?

ඇයි නොපෙනෙන්නේ අසාධාරණය?

ඇයි නොපෙනෙන්නේ අහිංසක හිනාව?

ඇයි නොපෙනෙන්නේ ශක්තිමත් ශරීරය?

ඇයි නොපෙනෙන්නේ සමත භාවනාව?

ඇයි නොපෙනෙන්නේ විදර්ශනාවට ඇති පහසුව?

  • පව්කාරකමට!
  • තන්හාවට!
  • නූගත් කමට!
  • අපාගත වීමට ඇති කැමැත්තට!

දේශපාලන මහත්ම මහත්මයනි,

වහා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.

අහිංසක කම්කරුවන්,

අහිංසක ගොවි මහතුන්,

අහිංසක ගුරුවරුන්,

අහිංසක දුප්පතුන්,

වැනි රටේ නියම වැඩකරුවන් රවටා, ඔවුන්ගේ හම විකුණා ඔබලාගේ නම් සදාගනිමින්, ඔවුන්ගේ ශ්‍රමය සූරාකමින් ලබා ගන්නා සැප සම්පත් තව පැය කිහිපයක් පමණක් විය හැක!

මේ පවුකාරකං,

මේ අසාධාරණකං,

මේ හොර මැරකම්,

මරණ මොහොතේ මතක්වනු නියතය!

මරණ බිය කාටත් උරුමය,

නමුත් කලබල වූ පවුකාර සිතින් ඒ බියට මුහුණ දීම, වෙනස් කල හැකිය!

– නිම් –

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.