මිනිසුන් බොරු කියන නිසා,
මාර්ග අනතුරක් වූ විට,
ඊට අදාළ වාහන මාර්ගය අවහිර වූවත් ඉවත් කරනු නොලබයි.
මිනිසුන් නොඉවසිලිමත් නිසා,
සහ මමත්වය නිසා තවෙකෙක්ට ඉඩ නොදී
අවහිර වූ මාර්ගය තවත් අවහිර කරයි
ඒ අතරින් මාස කිහිපයක නොදරුවෙක්
ආරක්ෂක පටි නොදමා
ඉදිරි අසුනේ වාඩි කරගෙන යන මව
රැගත් වාහනය හසුරුවන පියෙක්
පාරේ අනෙක් පසින් අවහිර වූ මාර්ගයට දමයි
මෙවන් ම්ලේච්ඡ, දුර්ගුණ ඇති
නොසැලකිලිමත් මූසල කාලකන්නි
ඉන්න රටක ඉපදුණු මම
මහා පවුකාරයෙක් විය යුතුයි
අප වෙමු මූසල ශ්‍රී ලංකා!!!