අපි ඔන්න කන්දක් නගිනවලු
කන්දෙ මුදුනට තව කොච්චර දුරද කියලා හිත හිතා යන කෙනාට…
වට පිටාවේ අසිරිය පෙනේවි ද?
අඩියක් පාසා විනෝදයෙන් යා හැකි වේ ද?
ආං අරයා කන්ද මුදුනට ගියාලු
එයාට වැඳ වැටී තමන් කිසිදු අඩියක් නොතබා, කන්ද නැගීම, යන මාර්ගයේ අසිරිය, කන්ද මුදුනේ ඇති දේ සොයමින් යන කෙනාට…
වට පිටාවේ අසිරිය පෙනේවි ද?
අඩියක් පාසා විනෝදයෙන් යා හැකි වේ ද?
කන්ද හෝ සම්බන්ධ කිසිදු දෙයක් අවබෝධ වේවිද?
කන්දෙ සන්ධිස්ථාන හතරකට බෙදා…
කන්ද නගින පිරිස ඔවට බෙදාගන්න වෙර දමමින්,
කන්ද පිළිබඳ පොත් පත් කියවූ පමණින්,
කන්ද නගින මාර්ගයේ වට පිටාවේ අසිරිය පෙනේවි ද?
අඩියක් පාසා විනෝදයෙන් යා හැකි වේ ද?
කන්ද හෝ සම්බන්ධ කිසිදු දෙයක් අවබෝධ වේවිද?
එතකොට,
කන්ද නැගීමේ අමාරුවක් නොදැක,
කන්ද නගින අනෙක් අයට උදව් කරමින්,
අඩියක් පාසා විනෝදයෙන්, වට පිට බලමින්, අවබෝධයෙන් යන කෙනාට…
විඩාවක් ඇති වෙයි ද?
වට පිටාවේ අසිරිය පෙනේවි ද?
අඩියක් පාසා විනෝදයෙන් යා හැකි වේ ද?
ඔන්න ඔහොම ජීවිතය යන කන්ද ගැනත් හිතමු…
– නිම් –