කෙනෙක් එක් අඹ ගෙඩියක් ද
තවෙකෙක් තවත් අඹ ගෙඩියක් ද කයි
දෙදෙනාම අඹ ගෙඩියේ රස ගුණ පිළිබඳ කතා කරයි
නමුත්
පලමු වැන්නා, දෙවැන්නා ගේ අඹ ගෙඩියේ රසත්,
දෙවැන්නා, පලමු වැන්නා ගේ අඹ ගෙඩියේ රසත්,
සත්‍ය වශයෙන්ම නොදනී.
එහෙත් එකිනෙකා කතාබහේ යෙදෙමින් සිතන්නේ දෙදෙනාම වින්ද රස එකම කියා නොවේද?
එලෙසම, තව කෙනෙක් ගේ ගුණ හෝ නුගුණ දකින කෙනා දකින්නේ තමාගේ අභ්‍යන්තරයේ තිබෙන දෙයක් මිස, එනම් තමන් හොඳ හැටි රස හඳුනන දෙයක් මිස, අනෙකා පිළිබඳ සත්‍යයක් නොවේ.
ඔබ කවුරුන් ගැන හෝ “හරිම ආඩම්බරයි”, “හරිම නපුරුයි”, “හරිම හොඳයි” යැයි සිතන විටක, අනෙක් අතට දකින්න:
“මා මේ දකින්නේ, මා පිළිබඳ සත්‍යයකි. අනෙකා මාගේ සිතට යොමු වූ කැඩපතක් පමණයි. මෙය අනෙකා ගැන සත්‍යයක් හෝ අසත්‍යයක් විය හැක. එකවර නිගමනයකට එළඹීම නුසුදුසුයි”
තවද, ඔබ පිළිබඳ මෙසේ විමසන්න:
“මට මෙසේ තවෙකෙක් ගැන සිතෙන්නේ ඇයි?” ඔබට පිළිතුරු එවෙලේම ඔබගෙන් නොලැබුනත්, එය තේරුම් ගැනීමට අධිශ්ඨාන කරගන්න. අධිශ්ඨානය ඇති තැනට, පිළිතුරු ස්වභාව ධර්මය එවනු ඇත.
මෙය කාරුණික ඉල්ලීමක් පමණයි. ඔබට කැමැත්තක් කරන්න.
– නිම් –